Tuesday, 10 January 2017

හැට දෙලක්ෂය

Image result for ranil at tirupati

රාජපක්ෂවරු එලවා දැමූ හැට දෙලක්ශයක් වූ ශ්‍රී ලංකා ජනතාව නව යුගයක් ආරම්භ කලේ යහ පාලනය නම් සුන්දර වචනය ලංකා දේශපාලනයට දායාද කරමිනි. පට්ට හොරෙක් ලෙස හංවඩු ගැසූ මහින්ද රාජපක්ෂ අතුලු සහෝදර සමාගම හුලන් බැස්සන් සේ මැදමුලනට පල්ලන් බැස්සේ හැට දෙලක්ශයක් වූ ජනතාව සතුටු ගඟුලේ ගිල්වමිනි. මහා මාලිගා ඇතයි කීවද එවැන්නක් සොයා ගැනීමට යහ පාලන රහස් පරීක්ශක වරුන්ට තවම නොහැකිවී ඇත්තේ මන්දැයි පුදුමයකි. රාජපක්ශ වරුන්ගේ සොරකම් සොයාබලන අතරේ යහ පාලනයද රටම උගස් තබමින් මහ බැංකු වංචාවේ යෙදුනේ හැට දෙලක්ශය අනාත කරමිනි.

යහපාලනය විසින් මෙතුවක් කල් කල ප්‍රධානම කාර්යය වන්නේ හැට දෙලක්ශය කුජීත කිරීම පමණි. සිරිසේන ජනාධිපති තුමාගේ මල්ලී ටෙලිකොම් සභාපති කල අතර තවත් පවුලේ සාමාජිකයන් නොයෙකුත් තනතුරු වලට පත් කරන ලද්දේ ඉතා ශනිකවය. මැතිවරනයට පෙර පටන් ගත් බොරුව වැපිරීම දිගටම කරගෙන යන ලද්දේ හැට දෙලක්ශය නිරුවත් කරමිනි. යහ පාලනය ගෙන ඒමට කැපවූ සිවිල් සමාජය සහ ජනතා විමුක්ති පෙරමුන අමු හෙලුවෙන් ඇවිදීම කිසිවෙකුට අමුත්තක් නොවුනි.

යහපාලන තෙවසර ඇරඹුම වොල්ස්වගන් කර්මාන්ත ශාලාව විවෘත කරමින් ඇරඹි අතර පැය කිහිපයක් යන්නට පෙරම එය ලෝක විහිලුවක් බවට පත්විය. ලෝකයෙ ලොකුම නත්තල් ගහ ගැන ගිනස් වාර්තාකරුවන් දැන ගතේ පත්තරයෙනි. අගමැති තුමා එකම විහිලු කාරයෙක් වුවද හම්බන්තොට ජනතාවට පහර දුන්නේ සියලු දෙනාට එතුමාගේ බටලන්ද අතීතය සිහිපත් කරමිනි. ව්‍යවස්තා මර උගුලක් අටවමින් ජේ.ආර්. මාමන්ඩිය වලෙන් ගොඩට ගන්නට යන මේ බෑනා රටක් ජාතියක් ජන්මයක් නැති පුස්සෙක් බව අද වනවිට චන්දය දුන් හැට දෙලක්ශයද තේරුම් ගෙන ඇත.

දැන් දැන් පෙනෙන්නේ යහපාලනයට චන්දය දුන් එකෙකු සොයාගැනීම කලු නික සොයනවාටත් අපහසු බවය, එනමුත් හෙලුවෙන් ඉඳීම සුලු දෙයක් කියා සිතන සුලු පිරිසක් තවමත් වෙබ් සයිට් අතරේ ලියමින් සිටින බවය පෙනේ.
හැට දෙලක්ශය මේ අයුරින් අනාත කරන්නේ කුමන කරුනකට දැයි ඔවුන්ටම ගැටලුවකි. නොමිලේ වයි ෆයි බලාපොරොත්තු වූ එවුන්ට තරු පිටවූයේ අන්තර්ජාල බදු ගැසීම තුලිනි. හැට දෙලක්ශයක් අමු හෙලුවෙන් පාරට බැස්සවූ යහ පාලනයට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමට මිනිත්තු දෙකක් නිහඬව සිටිමු!

Thursday, 5 January 2017

ජීවිතේ හැමදෙයක්මකැපකරමින් සෙව්වෙමි සතුට ඉගෙනීම තුල, රැකියාවතුලආදරය තුලදරුපවුල තුලපන්සල තුල, කෝවිල තුලශාන්ත අන්තොනි පල්ලිය තුලතවත් රටවල් තුලමිතුරන් තුලතනතුරු තුලපරිසරය තුලකලාව තුලපොත් පත් තුල, චිත්‍රපටි තුලමෙකී නොකී සියල්ල තුලහමුවුනා අන්තිමටසෙවු දෙයින් බින්දුවක්කොහේවත් නොව නිශ්ශබ්දව සිටින කලකිසිදා නොසිතුවමේ මා තුල....


රුවන්..17.1.5

You will see entire universe
you will criticize , you will appreciate
but happiness you need
will be starting to experience
the day you start to
see your inside